වාහන ආනයනය විවෘත කිරීමෙන් පසුව මේ වන විට ඩොලර් බිලියනයක වාහන ආනයනය කර අවසන්ව ඇති බවත් විවෘත කර ඇති ණයවර ලිපිවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6 ඉක්මවන බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
ජපානයේ ලාංකික ප්රජාව අමතමින් ඔහු මේ බව පැවැසීය. වාහන ආනයනය සඳහා වෙළ ඳ පොළ විවෘත කළේ ඉතාමත් ප්ර වේශමෙන් බවද ඔහු පැවැසීය.මේ වන විට ලංකාවේ පවතින වාහන අවුරුදු 15කටත් වඩා පැරණි බවත් අනතුරු වැඩිවීමටද එය හේතුවෙක් බවත් ඔහු පැවැසීය.