ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් රැගත් නෞකාවක් හා බොරතෙල් රැගත් නෞකාවක් නිශ්කාෂනය කර ගැනීමට ඩොලර් නොමැති වීම හේතුවෙන් එම නැව් වෙනුවෙන් විශාල ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුව ඇති බව ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථාවේ ප්රකාශයෙක් සන්ඩේ ටයිම්ස් පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.
ඩීසල් රැගත් නෞකාවක් හා ඔක්ටේන් 95 පෙට්‍රල් රැගත් නෞකා දෙකක් දෙකක් මාර්තු 28 සහ 29 යන දිනවල ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. කෙසේ වෙතත් ඒවා නිශ්කාෂනය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඊයේ දිනය වන විට අමතර රුපියල් මිලියන 422 ක් ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදුව තිබේ.
කෙසේ වෙතත් මේ අතරින් ඩිසල් තොගය නිශ්කාෂනය කර ගැනිමට අවශ්‍ය ගෙවීම් සිදුකර ඇති අතර එම තොගය ගොඩ බෑමේ කටයුතු ආරම්භ කර තිබේ.
මෙට්‍රික් ටොන් 70,000 ක බොරතෙල් තොගයක් රැගත් නෞකාවක් වෙනුවෙන් ගෙවීමට අවශ්‍ය ඩොලර් මිලියන 70ක් සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් එම නැව නිෂ්කාශනය කිරීමේ කටයුතුද ඇණ හිට තිබේ.