හජ් වන්දනා කටයුතු ස ඳහා අවශ්‍ය ඩොලර් ඔවුන්ගේ හිතවතුන් මාර්ගයෙන් මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු එම පුද්ගලයින්ට හජ් වන්දනාව සඳහා අවසර ලබාදීමට මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
මෙරට ඉස්ලාම් භක්තිකයින් මෙවර හජ් වන්දනාව සඳහා සහභාගී කරවීමට අවස්ථාව ලබාදීම වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ. රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉස්ලාම් බැතිමතුන් මෙවර හජ් වන්දනාව සඳහා සහභාගී නොකිරිමට මීට පෙර තීරණය කර තිබුණි.
මෙවර හජ් වන්දනාව සඳහා ලංකාවේ පුද්ගලයින් 1,585 දෙනෙකුට සහභාගීවිම සඳහා අවස්ථාව හිමිව ඇති බව සඳහන්ය.