ඩෙල්ටා කොවිඞ් ප්‍රභේදයේ අනුප්රභේද ලෙස සැලකෙන ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට පැමිණීමේ හැකියාවක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.
ඩෙල්ටා ප්ලස් පමණක් නොව විදේශ රටවල තිබෙන ඕනෑම කොවිඞ් ප්‍රභේදයක් මෙරටට පැවරීමේ බැරිකමක් නැතැයි පැවැසූ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා එය තීරණය වන්නේ සංචරණය මත යැයිද සඳහන් කළේය.
මෙම ප්‍රභේදය හෝ මෙවන් ප්‍රභේදයක් මේවා පැවතියද ජනතාව සෞඛ්‍ය පුරුදු හා උපදෙස් නීති පරිදි පිළිපදින්නේ නම් එය පාලනය කර ගැනීමට හැකිවනු ඇතැයිද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
දකුණු අපි‍්‍රකාවේ පැතිර ගිය කොවිඞ් ප්‍රභේද මෙරටට නොපැමිණි බවත්, ඒ වගේ මෙම ප්‍රභේදයේ මෙරටට පැමිණීමට හා නොපැමිණීමට පුළුවන් බවත් පැවසීය.