ඩෙංගු රෝගය වැළඳී මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතන රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රුසියානු ජාතික කාන්තාවක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ koiushara නමැති 33 හැවිරිදි කාන්තාවකි.
මියගිය කාන්තාව ඉකුත් 17 වෙනි දින ගාල්ල කරාපිටිය රෝහල මගින් වැඩිදුර ප්‍රතිකාර සඳහා මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යාතනය වෙත ප්‍රතිකාර සඳහා යොමු කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (19) රාත්‍රී 9.30ට පමණ මියගොස් ඇතැයි පොලිසිය කියයි
මියගිය විදේශීය කාන්තාවගේ දේහය මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතන රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි
මුල්ලේරියාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුසන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි