මේ වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන 90,306ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම ඩෙංගු මරණ 65ක්ද වාර්තා වි තිබේ.
සමස්ත රෝගීන්ගෙන් සියයට 52.96ක් එනම් රෝගීන් 47,824 දෙනෙකුම බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර දකුණු පළාතෙන් රෝගීන් 13,361ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 8,027ක් වාර්තා වී ඇත.