ඩෙංගු රෝගී තත්ත්වය සඳහාපැරසිටමෝල්වලටඅමතරව NSAID (Non Steroidal Anti Inflammatory Drugs - ස්ටෙරොයිඩ් නොවන ප්‍රති-ප්රදාහඖෂධ) කාණ්ඩයටඅයත් වේදනා නාශක භාවිතකිරීම මරණ ඇතිවීමට හේතුවක් ලෙස සැකකරන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
එම කාර්යාංශය අවධාරණය කරන්නේ,ඩෙංගු තත්ත්වය සඳහා පැරසිටමෝල් පමණක් භාවිත කිරීමට සියලු දෙනා වගබලා ගත යුතු බවයි.
මෙහිදී වැඩිදුර අදහස් දක්වමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ ප්රකාශකයෙක්මෙ සේද පැවසීය.
"ඩෙංගු උණ නිසා ඇතිවන තද උණ රෝගී තත්ත්වය, අධික ඇඟපත වේදනාවසහ හිසේ කැක්කුමට ප්‍රතිකාරයක් විදිහටසමහර පුද්ගලයන් පැරසිටමෝල්වලට අමතරව NSAID (Non Steroidal Anti Inflammatory Drugs - ස්ටෙරොයිඩ් නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ) කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිත කිරීමට පුරුදු වී සිටිනවා. මෙය ඉතාමත් දරුණු වරදක් වන අතර,දැනට පවතින ඩෙංගු වසංගත තත්ත්වයහමුවේ මෙමNSAIDඖෂධ කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිතකරනපුද්ගලයන් අතර මරණ කිහිපයක්ද වාර්තා වී තිබෙනවා.
ඩික්ලොෆෙනැක්සෝඩියම්,ඉබියුප්‍රොෆන්,මෙෆැනමික් ඇසිඩ්, ඉන්ඩොමෙතසින්, නැප්ප්‍රොක්ස්සෙන්, සෙලෙකොක්සිබ්, ඇස්ප්‍රීන් යන ඖෂධ වර්ග විවිධ ආකාර වෙළෙඳනාම හරහා වේදනා නාශක ලෙස බහුලව රට තුළ භාවිතවෙනවා.මේවාඉතා හොඳ වේදනා නාශක වුවත් ඩෙංගු රෝගී තත්ත්වයක් යටතේදී මෙම ඖෂධ සියල්ලටම පොදු කරුණක් වන ලේ කැටි ගැසීමඅඩු කිරීමේ හේතුව නිසා ඩෙංගු රෝගය වැළඳුනහොත්මෙම නිසා ඉතා දැඩි සංකූලතා සහ මරණය වුවත් ඔබට වන්නට ඉඩ තිබෙනවා.
මේ දිනවල ඔබට උණ ඇතිවුවහොත් මුලින්ම කළ යුත්තේ, හොඳින් විවේක ගැනීම, හොඳින් දියර වර්ග පානය කිරීම සහ උණ වේදනාවට නියමිත මාත්‍රාව අනුව පැරසිටමෝල් ඖෂධය භාවිත කිරීමයි. උණ තත්ත්වය දින දෙකට වඩා පවතින්නේ නම්, සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හෝ රෝහලක් වෙත වහාම යොමුවීම සිදුකළ යුතුයි.ඔබට යම් රුධිර පරීක්ෂණ නියම කර ඇත්නම්, උණ තත්ත්වයපහවගියත්එමපරීක්ෂණවලවාර්තා අනිවාර්යයෙන්ම වෛද්යවරයාටපෙන්වීමත්වැදගත්. මීට අමතරව උණ රෝග සඳහා වෛද්යඋපදෙස්වලින් තොරවප්රෙඩ්නිසොලෝන්, ඩෙක්සාමෙතසෝන් වැනි ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධ ලබාගැනීමත් සුදුසු වන්නේ නැහැ."