අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ පස් වන වසරේ ඉගෙන ලබමින් සිටි ශිෂයාවක් අද (6දා) ඩෙංගු රෝගය වැළදී මිය ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ මහ වීදිය පදේශයේ පදිංචි නව හැවිරිදි පුමුදි ලයන්වි නානායක්කාර නමැති දියණියකි.
ඩෙංගු රෝගය වැළදී බලපිටිය මූලික රෝහලට ඇතුළත් කොට කරාපිටිය රෝහලට මාරුකර යවා සිටියදී එහි ප්රතිකාර ලබමින් සිටියදී මේ දියණිය මිය ගිය බවද පොලීසිය කියයි.
මේ වනවිට අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ ඉගෙනුම ලබන සිසු,සිසුවියන් රැසක්ම ඩෙංගු රෝගය වැළදී බලපිටිය හා කරාපිටිය රෝහල්වල පතිකාර ලබන බව දේවනන්ද විදුහලේ ප්රකාෂකයකු කීවේය.