ඩෙංගු මරණ 14ක් වැඩිම රෝගින් වාර්තා වීම බස්නාහිරින්
මෙම වර්ෂයේ මේ දක්වා විට ඩෙංගු රෝගීන් 27754 ක් සහ මරණ 14ක් ද වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවාය. බස්නාහිර පළාත තුළින්
වැඩිම රෝගීන් වාර්ථාවන බව පෙන්වා දුන් ඇය වාර්ථාවන රෝගීන්ලෙන් 50%ක් එම පළාත තුළින් වාර්ථාවන බවද පැවසුවාය.
මේවන විට දිස්ත්‍රික්ක 25න්ම රෝගීන් වාර්ථාවන බවත්, කොළඹ, ගම්පහ, මාතර,ගාල්ල,රත්නපුර, කලුතර සහ නුවර යන දිස්ත්‍රික්ක වලින් වැඩිවශයෙන් රෝගීන් වාර්ථාවන බවත් ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය මෙහි දී පෙන්වා දෙන ලදී.
මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමගම රෝගය වැඩිවීමේ ප්‍රවණතාවයක් තිබෙන බව සදහන්කළ එතුමිය මහජනතාව ලෙස මදුරුවන් බෝවන ස්ථාන සොයාබලා ඉවත්කර ගැනීමෙන් මෙම තත්ත්වය පාලනය කරගත හැකි බවත්, තද උණ සමග ඇගපත වේදනාව, හිසරදය, වමනය, ඔක්කාරය, ඇගේ රතු ලප හට ගැනීම වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂාවකට යොමුවියුතු බවත් ඇය පැවසුවාය.
පසුගිය වර්ෂය හා සසදන විට මෙම වර්ෂයේ දී ඩෙංගු ව්‍යාප්තියේ වර්ධනයක් පෙන්නුම්කර ඇති බවත්, නිවෙස් වලට වඩා පාසල්,ආගමික ස්ථාන,වැඩ බිම් සහ රජයේ සහ පෞද්ගලික ආයතන වල වැඩි වශයෙන් මදුරුවන් බෝවීමේ
වර්ධනයක් පෙන්නු කරන බවත් බවත් ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්යතුමීය මෙහි දී අවධාරණය කර සිටියාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
