ඩුබායි යන්න සූදානම් යාපනයේ කෙසෙල්
යාපනයේ කාබනික පොහොර ආශ්රයෙන් වගාකෙරුනු ඇඹුල් කෙසෙල් කිලෝ 25,000 ක් සතියකට වරක් ඩුබායි වෙතට යැවීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය විසින් පෙන්වා දෙයි.
එහි පළමු පියවරට මෙම සතියේදී ඇඹුල් කෙසේ කිලෝ 10,000 ක් ඩුබායි වෙතට යැවීම සඳහා සූදානම් කිරීම මේ දිනවල යාපනය නිලාවරෙයි මංසන්ධියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් කෘෂි නවීකරණ ව්‍යාපෘති කාර්යාලයේදී ආරම්භ කොට ඇත.
මේ සඳහා යාපනයේ කෙසෙල් ගොවීන් 700 ක් පමණ සාමාජිකත්වය ලබාගෙන ඔවුන්ගේ කාබනික ඇඹුල් කෙසෙල් අස්වැන්න මෙම ව්‍යාපෘතිය සඳහා සම්බන්ධ වී රටට විදෙස් විනිමය ලබාගනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.
මේ අනුව ඩුබායි වෙතට යැවීම සඳහා රාජාංගනය ප්‍රදේශයෙන්ද කාබනික ඇඹුල් කෙසෙල් ඩුබායි වෙතට යැවීමට පියවර ගෙන ඇති අතර රාජාංගයෙන් සතියකට ඇඹුල් කෙසේ කිලෝ 12,500 ක් යැවෙනු ඇත.
මෙම කෙසෙල් ව්‍යාපෘතිය හරහා විශේශයෙන් යාපනයේ කෙසෙල් ගොවීන්ට හොඳ ආර්ථිකයක් ගොඩනගාගැනීමට හැකි බවටත් ඉදිරියේදී මෙම ව්‍යාපෘති පුලුල් කරලීමටද සැලසුම් කොට ඇතැයිද කෘෂිකර්ම අමාත්‍යංශය විසින් වැඩිදුරටත් පවසයි.








popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

