ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 6කින් හා ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් හයකින්ද පහළ දමා ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඊට අමතරව සුපිරි ඩීසල් ලීටරයක මිලද රුපියල් 13කින් පහළ දමා ඇත. කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්රල් හා භූමිතෙල් මිලෙහි වෙනසක් නොමැත.
නව මිල ගණන්
පෙට්රල් ඔක්ටේන් 92 - රු 299
පෙට්රල් ඔක්ටේන් 95 - රු 340
ලංකා සුදු ඩීසල් - රු 283
සුපිරි ඩීසල් - රු 313