ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුව අමතමින් සහන පැකේජයක් ඉදිරිපත් කිරීමේදී ඩීසල් හා පෙට්රල් සඳහා ද රජය විසින් සහන සලසන බව ප්රරකාශයට පත්කෙරිණි.
ඒ් අනුව ඩීසල් ලීටරයක් දැන් වෙළඳපොලේ මිලට අලෙවි කළහොත් රුපියල් 600 ඉක්මන බවත් මිල ගැලපීමෙන් අනතුරුව ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100 ක් හා පෙට්රල් ලීටරයක් සඳහා රුපියල් 20 ක් සහනාධාරයක් ලබාදීමට තීරණයකර ඇති බව ප්රකාශ කෙරිණි.
සුපර් ඩීසල් සහ සුපර් පෙට්රල් වෙළඳපොළ මිලට ගලපන බව වැඩි දුරටත් දැනුම් දුනේය.
ඉන්ද්රමූර්ති ජයසූරිය