ගෝනවල පුදේශයේ අනවසරයෙන් බවුසරයක ඩීසල් හා පෙට්රල් තබා ගෙන සිටි රියදුරකු එම බවුසරයත් සමග ගෝනහේන විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (07දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත .
මෙම බවුසරයේ ඩීසල් ලීටර් 3800 ක් හා බැරල් එකක පෙට්රල් ලීටර් 180 ක් ද තිබිණි. මේ සම්බන්ධව වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා බවුසරය සමග රියදුරු සපුගස්කන්ද පොලිසියට භාර දී තිබේ.
අත්අඩංගුවට ගත් රියදුරු අහංගම පුදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු මහර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මල්වාන ඩබ්ලිව් ඩී ඵමි විතානගේ / දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති
