ගල්කිස්ස ටෙම්පල් පාර නිවසක නීතිවිරෝධී ලෙස ගබඩා කර වැඩි මිලට විකිණීම සඳහා සූදානම් කර තිබූ ඉන්ධන තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
එම ඉන්ධන තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හතක් පමණ වන බව පොලිසිය කියයි. එම සැකකරු සමඟ ඩීසල් ලීටර් 1400 ක් පෙට්රල් ලීටර්140 ක් භූමි තෙල් ලීටර් 60 පොලිසිය භාරයට ගෙන ඇත.
එම ඉන්ධන විශාල ප්රමාණයේ බැරල් වල සහ භූලි වල ගබඩා කර තිබූ බව පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්යය බලකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරී කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර ඇත.
46 හැවිරිදි වියේ පසුවන අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා ගල්කිස්ස පොලිසිය වෙත භාර දී තිබේ.