කොටගල, කොමර්ෂල් ප්රදේශයේ වෙළෙඳසැලක සගවාගෙන සිටි ඩීසල් ලීටර් 1000 ක් ඊයේ (26දා) සවස සොයා ගැනීමට හැකි වු බව දිඹුල- පතන පොලීසිය පවසයි.
පොලිස් හදසි ඇමැතුම් අංශයට ලබා දී තිබු තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමකදී එම වෙළෙඳසැලේ උඩු මහලේ ඉතාමත් රහසිගතව බැරල් පහක සඟවා තබා ගෙන තිබු මෙම ඩීසල් තොඟය සොයා ගැනීමට හැකියාව ලැබී ඇත.
ඩීසල් තොඟය සමග සැකපිට එක් සැකකරුවෙකු පොලීසිය විසින්අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද (27දා) හැටන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව මේ පිළිබවඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරන දිඹුල-පතන පොලීසිය පවසයි.
ශාන් හුලංනුගේ
