මාතලේ විල්ගමුව එලවනාකන්දේ දි ඩීසල් රැගත් බවුසරයක් අද (26දා) අලුයම පාරෙන් ඉවතට පැන පෙරළී ඇති බව පොලිසිය පවසයි.
දෙහිඅත්තකණ්ඩිය ප්රදේශයට ඩිසල් රැගෙන යමින් තිබියදි මෙම බවුසර් රථය අනතුරට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.
අනතුරෙන් බවුසර් රථයට දැඩි අලාභානි සිදුව ඇති අතර විල්ගමුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
මාතලේ මහේෂ් කිර්තිරත්න

