ඩීසල් යැයි පවසමින් මතුපිටින් ඩීසල් යොදා වතුර ලිටර් 20 බැගින් පිරවූ ප්ලාස්ටික් බූලි තුනක් ලබාදී රුපියල් 24000 මුදලක් වංචා කළ පුද්ගලයන් දෙදෙනා අල්ලාගෙන බණ්ඩාරගම පොලිසියට භාරදීමට තරුණයන් දෙදෙනෙක් අද (16දා) පියවර ගත්හ.
කුඩා ලොරි රථයකින් වෙළෙඳ සල් වලට භාණ්ඩ බෙදාහැරීමේ නිරත , තරුණයන් දෙදෙනා අද පෙරවරුවේ බණ්ඩාරගම රයිගම හන්දියෙ වෙළෙඳ සලක් අසල ලොරි රථය නවතාගෙන සිටියදී ඔවුන් අසලට යතුරුපැදියකින් ප්ලාස්ටික් බූලියක් රැගෙන පැමින තිබූ සැකකරුවන් දෙදෙනා ඩීසල් ලිටර් 20 ක් තිබෙනවා ඕන දැයි විමසා ඇත.
එම අවස්ථාවේදී එම තරුණයෙකුට ඊයේ රාත්රී විද්යුත් නාලිකා වල විකාශනය වූ ඩීසල් යැයි කියා වතුර ලබා දී සිදුකළ මුදල් වංචාව මතකයට නැගී තිබේ.
සැකකරුවන් දෙදෙනාගෙන් මදක් ඈතට ගිය තරුණයන් දෙදෙනා ඊයේ රාත්රී විකාශනය වූ ඩීසල් වංචාව පිළිබඳ ක්ෂණිකව සාකච්ඡා කර එම වංචාව සිදුකර තිබෙන්නේ මොවුන් දෙදෙනා බවට සැක පහල කර ,ඒවා මිලදී ගන්නා මුවාවෙන් ප්ලාස්ටික් භූලියේ තිබූ දෑ ඉවත දැමීමට කටයුතු කිරීමේ දී ඒවා වතුර බවට තහවුරු වීමත් සමගම සැකකරුවන් දෙදෙනා අල්ලා ගෙන ඔවුන් පැමිණි යතුරු පැදියෙ යතුරු ද ඔවුන් භාරයට ගැනීමට සමත් වී ඇත.
එම අවස්ථාවේ දී එම මාර්ගයේ ගමන් ගත් පොලිස් නිල රථයක් දුටු තරුණයන් දෙදෙනා වහා එය නතර කර එහි සිටි සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතාට මේ බව පවසා ඇත.
වහා ක්රියාත්මක වූ සහකාර පොලිස් අධිකාරීවරයා ඒ බව බණ්ඩාරගම පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් පැමිණ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 හා32 අතර පසුවන ගාල්ල සහ හොරණ පදිංචි කරුවන් වේ.
සැකකාර තරුණයෙක් මස්සිනාට අයත් යතුරුපැදිය මෙම වංචාව සඳහා යොදාගෙන තිබූ බවට ද බවටද විමර්ශනවලදී අනාවරණ වී ඇත.
සැකකරුවන් දෙදෙනා මෙයාකාරයෙන් ඩීසල් යැයි පවසා වතුර ලබා දී පුද්ගලයන්ගෙන් සිදුකළ මුදල් වංචාවක් පිළිබඳ දීර්ඝ ලෙස ප්රශ්න කරන බවත් බණ්ඩාරගම පොලීසිය පවසයි.
සැකකරුවන් පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
