ඩීසල් නොමැති විමෙන් නුවරඑලියේ එලවළු වෙලදාම සියයට හැටකින් පහල බැස ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂි ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
නුවරඑලියේදි අද(28දා) විශේෂ මාධ්‍යම හමුවක් පවත්වමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ තම වාහන වලට ඉන්ධන ලබා ගැනිමට නොහැකි විම හමුවේ නුවරඑලියේ එලවළු වගා ගොවිපොලවල් වෙත ගොස් එලවළු මිල දි නොගත් බවත්, නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට එලවළු මිල දි ගැනිමට පිටතින් වාහන වලින් පැමිණෙන වෙලඳුන්ද අඩු වි ඇති බවයි.
නුවරඑලියෙන් කොළඹට එලවළු ප්‍රවාහනය කිරිම තාවකාලිකව නතර කර ඇති බවත්, ඉන්ධන අර්බුධය හමුවේ නුවරඑලිය ප්‍රදේශයේ එලවළු වගා කරන ගොවින් තම ගොවිපොලවල් වලට ජලය ඉසින ජල පොම්ප ක්‍රියාත්මක කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත විම හමුවේ එලවළු වගාවන්ට හානි සිදු වි ඇති බවයි.
පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ , අමාත්‍ය සි.බි.රත්නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ යන මහතුන්ද දැනුවත් කල බව අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
එලවළු ගොවින්ගෙන් නොගැනිම හේතුවෙන් නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ වෙලදසැල් රැසක් වසා දමා තිබුණි.
මේ අතර නුවරඑලිය නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් සීමිත ඉන්ධන ප්‍රමාණයක් වාහන වලට ලබාදිම හමුවේ එම ඉන්ධන පිරවුම්හලේ සිට නානුඔය බ්ලැක්ෆෘල් මංසන්ධිය දක්වා කිලෝමිටර් 03 දුරට දිගු වාහන පොලිම් දක්නට තිබු අතර , පවත්නා තත්ත්වය මත ඉන්ධන පිරවුම්හල් අසල රථ වාහන පාලනයට පොලිස් නිලධාරින් රාජකාරි සදහා යොදවා තිබු ආකාරය දක්නට ලැබුණි.






