බැංකු නිෂ්කාශන ප්‍රමාද විම හේතුවෙන් ඊයේ ශ්‍රී ලංකාවට පැමිණි සුපර් ඩීසල් තොගය ගොඩබෑම ප්‍රමාද වූ නමුුත් මේවනවිට එම ඩීසල් තොගය ගොඩබෑම ආරම්භ කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
එසේම අද රාත්‍රියේ පැමිණෙන ඔටෝ ඩීසල් තොගය ගොඩබෑම හෙට සිට ආරම්භ කරන බවත් බෙදා හැරීමේ ප්‍රමාදයන් අවම කරීමට ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය රාත්‍රි යේද වැඩ කරන බව අමාත්‍යවරයා පවසයි.
බොහෝ ඉන්ධන පිරවුම්හල්වලට ඩීසල් තොග සමග පෙට්රල්ද බෙදා හරින බවත ඩීසල් ගොඩබෑමේ ප්‍රමාදය හේතුවෙන් පෙට්‍රල් බෙදා හැරීම ප්‍රමාද වී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි