තම වාහන සදහා ඩීසල් ලබා දෙන ලෙස ඉල්ලමින් පිරිසක් අද (1දා) උදෑසන සිට පුත්තලමන් මදුරන්කුලිය ප්‍රදේශයෙන් මාර්ගය සම්පුර්ණයෙන් වසා දමා ඇති බව මදුරන්කුලිය පොලිසිය පවසයි.
වාහන හිමිකරුවන් පවසන්නේ පසුගිය (18දා) දින සිට මදුරන්කුලිය නගරයේ ඉන්ධන හල් වෙත ඩිසල් ලබා නොදිමට විරෝධය පාමින් 500 කට ආසන්න පිරිසක් මදුරන්කුලිය සමුපකාර ඉන්ධන හල අසලින් හා නගරය මැදින් වු ස්ථාන දෙකකදී මාර්ගය වසා දමා ඇති බව කියයි.
මාර්ගය වසා දැමිම නිසා පුත්තලම කොළඹ මාර්ගයේ ගමනා ගමනය මදුරන්කුලිය නගරයෙන් සම්පුර්ණයෙන් වසා දමා ඇති බව පොලිසිය කියයි.
විරෝධතා කරුවන් මාර්ගය වසා දැමිමත් සමග මදුරන්කුලිය නගරයේ වෙළද සැල් විශාල සංඛ්‍යාවක් වසා දැමිම නිසා නගරය පාලුවට ගොස් ඇති ආකාරය දැක ගත හැකි ආකාරය දැක ගත හැකිය.
වසා දමා ඇති මාර්ගය යළි විවෘත කර ගැනිමට පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.එම්.ජයමහ මහතා ඇතුළු ඉහල පොලිස් නිළධාරින් දැඩි උත්සහයක් ගත්තද එය සාර්ථක නොවු ආකාරයක් දැක ගත හැකි විය.
විරෝධතාකරුවන් පවසා සිටියේ මදුරන්කුලිය ඉන්ධන හල් වෙත ඩිසල් ලබා දිම සිදු කිරීමේන් පසු මාර්ගය විවෘත කීරිම සිදුවනු ඇති බවයි.
කෙසේ වෙතත් විරෝධතාවය හේතුවෙන් කොළඹ දෙසට හා කොළඹ දෙසින් පුත්තලම දෙසට ගමන් ගැනිමට පැමිණි වාහන විශාල සංඛ්‍යාවක් රැඳී තිබෙනු දැක ගත හැකි විය.




