මාරවිල මූදුකටුව ඉන්ධන හලට දින 13 කින් ඩිසල් නොලැබිමට විරෝධය පා අද (6දා) උදෑසන සිට කොළඹ හලාවත මාර්ගය මූදුකටුව ඉන්ධන හල අසලින් වසා දමා ඇති බව මාරවිල පොලිසිය පවසයි.
විරෝධතාවයේ නිරත පිරිස් පවසන්නේ මූදුකටුව ඉන්ධන හලට දින 13 කින් ඩිසල් ලබා නොදිමෙන් තම දෛනික කටයුතු කර ගැනිමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි.
මේ නිසා තම වාහන නිවෙස් තුළ තබා ගැනිමේන් ව්‍යාපාර කටයුතු හා රැකියාවන් අහිමි වි ඇති බවට මොවුන් චෝදනා කරති.මූදුකටුව ඉන්ධන හල අසලින් ඩිසල් ලබා දෙන ලෙස ඉල්ලා සම්පුර්ණයෙන් මාර්ගය හරස් කරමින් තිබිමත් සමග ගමනා ගමන කටයුතු නැවති ඇති බව පොලිසිය කියයි.
ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීමට නොහැකි විම හේතුවෙන් මාර්ගයේ ගමන් ගන්න අනෙක් වාහන විකල්ප මාර්ග වලින් යැවිමට පොලිසිය කටයුතු කරමින් සිටිති.


