අනෙකුත් සේවාවන් සහ අවශ්‍යතාවන් වල මිල අඩු නොකොට සොච්ච්ම් මුදලකින් ඩීසල් මිල අඩු කිරීමෙන් පාසල් සිසු ප්‍රවාහන ගාස්තු කිසි ලෙසකවත් අඩු කළ නොහැකි බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් සිසු පවාහන රථ සංගමයේ සභාපති රුවන් පසාද් මහතා අද (30දා) අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
සිය වාහන සදහා ලිහිසි තෙල්, අමතර කොටස් ඇතුළු අනෙක් අවශ්‍යතාවන් වල මිල තාමත් අහස උසට වැඩිවී තිබෙන බවත් එමෙන්ම තෙල් කෝටාව වැඩි නොකිරීමත් තෙල් මිල අඩු වුවත් ගාස්තු සංශෝදනයකට තමන් තවමත් ඉක්මන් නොවන බවද රුවන් මහතා කීයා.
තෙල් වගේම සිය කර්මාන්තයට බලපා තිබෙන අනෙකුත් සේවා සහ අවශ්‍යතාවන්වල මිළ පහත දමන්නේ නම් ගාස්තු සංශෝධනයකට තමන් මැලි නොවන බවද රුවන් මහතා කීවේය.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත