හුංගම පොලිසිය වෙත ලැබුණ තොරතුරකට අනුව අම්බලන්තොට, මාමඩල ජංසගම ප්රදේශයේ නිවසක තිබී බලපත්ර රහිතව ගබඩාකර තිබු ඩීසල් ලීටර් 2200 පමණ සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු හුංගම පොලිසිය විසින් 21වනදා රාත්රී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මෙහෙයුම හුංගම පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අංජුල මාහතාගේ ප්රධානත්වයෙන් යුත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු සහ ඩිසල් තොගය අධිකරණ කටයුතු සඳහා අම්බලන්තොට පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර සැකකරුවන් අද (22) හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.