ලංකා ඔටෝ ඩීසල් ලිටරයක් රුපියල් 10කින් පහත දැමූවත් ඒ හා සාපෙක්ෂව බස් ගාස්තු හෝ පාසල් ළමුන් ප්රවාහන කරන වෑන් රථ ගාස්තු අඩු නොකිරීමට එම සංගම් තීරණය කර තිබේ. ගාස්තු පහළ දැමීමට තරම් මෙම මිල අඩු කිරීම ප්රමාණවත් නොවන බව එම සංගම් සඳහන් කරයි.
ප්රවාහන ගාස්තු අඩු කිරීමට නම් මීට වඩා වැඩි ප්රතිශතයකින් ඉන්ධන මිල අඩුවිය යුතු බවත් එවිට ගාස්තු අඩුකිරීම පිළිබඳව තිරණයක් ගත හැකි බවත් එම සංගම් සඳහන් කරයි.