ඩිලාන් සේනානායකට පහරදුන් අය අල්ලයි - පහරදීමට හේතුව තරුණියකට සමච්චල් කිරීමක්
හඩ කැවීම් ශිල්පි ඩිලාන් සේනානායකට පිහිවලින් ඇන බරපතල තුවාල සිදු කිරීමේ සිදුවීමට සම්බන්ධව සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙම සැකකරුවන් 4 දෙනා සමග අපරාධය සඳහා යොදාගත් පිහි දෙකක් හා ත්‍රි රෝද රථයක්ද සමගින් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් දෙමටගොඩ, කොම්පඤ්ඤවීදිය, බොරුල්ල යන ප්‍ර දේශවල පදිංචි අවුරුදු 44ත් - 28ත් අතර පසුවන පුද්ගලයන් වෙයි. මෙම පිරිස පසුගිය කාලයේ ගාලුමුවදොර විරෝධතා පැවැති කාලසීමාවේදී දිනපතා ඒ සදහා යාමට පුරුදුව සිටි ඇය වෙයි.
ඒහිදී අත්අඩංගුවට පත් සැකකරුවන් අතරින් ප්‍රධාන සැකකරු සමග මිත්රත්ත්වයක් ඇතිකර ගත් තිරුණියකට ඩිලාන් සේනානායක සමච්චල් කිරිම නිසා එයට ප්‍රධාන සැකකරු විරුද්ධ වූ විට තුවාලකරු විසින් ඔහුගේ කමිසයේ කොරලයෙන් අල්ලා තර්ජනය කර තිබේ.
එයට පලිගැනීමක් වශයෙන් මෙසේ පිහියෙන් ඇන තුවාල සිදුකර ඇති බවට අණාවරණය වී තිබේ. කෙසේ වුවත මේ පිළිබදව තවදුරටත් සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීමට සැකකරුන් විමර්ශන සඳහා මිරිහාන මූලස්ථානය පොලීසිය වෙත භාර දීමට නියමිත බව පොලීසිය පවසයි.
popular news
-
Demuni Uduwara Wednesday, 28 December 2022 11:34 PM
There should be a limit in fabricating !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

