සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
ඝාතනයට ලක්ව තිබුණේ ප්‍රකාශ් තිලිණ කුමාර නමැති 34 හැවිරිදි පුද්ගලයෙකි. අත්අඩංගුවට පත් වූවන් අතර එකම පවුලේ පිය-පුතු දෙපලක් වන බව පොලිසිය කියයි.
සැකකරුවන් සමග ඝාතනයට යොදාගත් කඩු දෙකක්, ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.
ඉකුත් වසරේ ජූලි මස 25 වෙනි දින වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත ගුවන් පාලමයට දි මෙම ඝාතනය සිදුකර තිබිණි. අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් මිනිස් ඝාතන 3කට සම්බන්ධ පුද්ගලයෙක් බවත් පොලිසිය කියයි.
සැකකරුවන් කඩවත සහ මීතොටමුල්ල ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන ඇත.
පින්තූර - ඝාතනයට ලක් වූ ප්‍රකාශ් තිළිණ කුමාර 34
