ආපදා තත්ත්වයෙන් පීඩාව පත් ප්‍ර දේශවල ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරිමේදී මහජනතාවගේ සහයෝජගය ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් බලාපොරොත්තු වන බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මානුෂීය ආධාර හා ආපදා සහන මෙහෙයුම් අතරතුර ඩ්‍රෝන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ශ්‍රි ලංකා ගුවන් හමුදාව මගින් කරනු ලබන ගුවන් මෙහෙයුම් සඳහා අවදානම් තත්ත්වයක් ඇති කරන බව එම නිවේදනයේ දැක්වෙයි.
