ඩෙල්ටා වෛරසය ප්‍රචාරය වන වේගයට වඩා සියයට 100 ක වේගයකින් සමාජය තුළ පැතිර යන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසා සිටියි.
පසුගිය දිනවල ලබාගත් සාම්පල මඟින් සිදු කළ PCR පරීක්ෂණවලදී මේ වන විට ව්‍යාප්ත වන ඩෙල්ටා වෛරස ප්‍රභේදය මීට පෙර හමුවූ කොවිඩ් වෛරස ප්‍රභේදවලට වඩා පහසුවෙන් හඳුනාගැනීමට හැකියාව ලැබෙන බවත් උගුරේ වෛරස විශාල ප්‍රමාණයක් ඇති විට එය කෙළ බිඳිති හරහා පමණක් නොව එය වාතයටද එක් වන බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.