ඩයමන්ඩ් නැවේ ගින්නෙන් ලැබුණ ඩොලර් මිලියන 5කටත් වුණ දෙයක් නෑ
නිව් ඩයමන්ඩ් නෞකාව ගිනි ගැනීම හරහා ශ්රී ලංකාව ලැබුණ මූලික වන්දි මුදලක් වූ ඇමෙරිකානු ඩොලර් මිලියන පහක මුදලක් ලංකාවේ සමාගමක ගිණුමකට ලැබී තිබුණත් එම මුදල යලිත් පිටරටට ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා පැවැසීය. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
"නිව් ඩයමන්ඩ් නෞකාවට අදාළවත් වන්දි මුදල් ලබා ගැනීමේදී 2022 ජනවාරි හා මැයි මාස අතරතුළ ඩොලර් මිලියන පහක මුදලක් ජර්මන් ඩච් බැංකුව හරහා සිංගප්පූරු ස්මිත් සමාගම වෙනුවෙන් ලංකාවේ ජි.එස්.සී. ෂිපිං කළම්බෝ කියන ආයතනය සතුව තිබෙන යූනියන් බෑංක් ලංකාවේ එකවුන්ට් එකට ඇවිත් තියෙනවා.
ඒ මුදල එතනින් පස්සේ පිටරටට යනවා. එදා නිව් ඩයමන්ඩ් නෞකාවට මූලික වන්දි ලෙස ලැබුණ මුදල නැවත පිටරටට ගිහින් තියෙනවා ඒක කොහොමද වුණේ. ඒක ගැන වාර්තාවත් පාර්ලිමේන්තුවට එවන්න"
popular news
-
Kumar Tuesday, 25 April 2023 03:22 PM
americawe onama bankuginumakata $9999 kata wadiya labunavita ema ratay "inland revenue service (IRS) ekata danudenna oney.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

