රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන සිද්ධියට අදාළව සැකකාරියක ලෙස නම් කරනවාද? නැද්ද? යන්න පිළිබඳ තීන්දුව ලබන 06 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (23) දැනුම් දුන්නේය.
ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන සිද්ධියට අදාළව කරන විමර්ශන වලදී ප්‍රශ්ණාවලියක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයාට සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා වෙත යොමුකර ඊට අදාළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමටද මහෙස්ත්‍රාත්වරයා රහස් පොලිසියට වැඩිදුරටත් නියම කළේය.
පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළේය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම තැනැත්තිය සංඥය වරදක් කොට ඇති බව මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී හෙළි වී ඇති නිසා ඇය මෙම නඩුවේ සැකකාරියක් ලෙස නම් කරන්නැයි ඉල්ලා සිටියේය”
විමර්ශන වලින් අනතුරුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ ඩයනා ගමගේ නමැත්තිය අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයිද ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා පැමිණීල්ල අප්‍රේල් මස 6 වැනි දා යළි කැඳවීමට නියම කළේය.