රජයේ පාලන මිලට සහල් ලබාදෙන දෙන බවට පසුගියදා ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ ඩඩ්ලි සිරිසේන මහතා අනෙකුත් සහල් මෝල් හිමියන්ට ඇතුළු ව්‍යාපාරිකයන්ට දැනුම්ද දීමත් සමග වෙළඳපොලේ පාලන මිලට සහල් තිබේදැයි සොයා ගිය ගමනමනේදී දඹුල්ල ,නාවුල, ගලේවෙල ,සීගිරිය, ආදී තදාසන්න ප්‍රදේශ වල පාලන මිලට සහල් ඇටයක් හෝ සොයා ගැනීමට නොහැකි බව පාරිභෝගික ජනතාව පවසති.
දඹුල්ල නගරයේ වෙළඳසැල් වලට ගිය අපට වෙළඳසැල හිමියෝ කියා සිටියේ ඩඩ්ලි සිරිසේන මහතාගේ පාලන මිලට සහල් ඉල්ලුම් කළ ද ඒවා ලබා ගැනීම සඳහා දිගු කාලයක් පෝලිම් වල රැඳී සිටීමට සිදුවන බවත් නාඩු සහ සම්බා සහල් මිලදී ගැනීමේදී කීරි සම්බා තොග වැඩි වශයෙන් මිලදී ගැනීම් සිදුකළ හොත් පමණක් පාලන මිලට සහල් නිකුත් කිරීම් සිදු කරන බව ය.
තවත් ව්‍යාපාරිකයන් පිරිසක් කියා සිටියේ මේ වන විට පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් සහල් විකිණීම සම්පූර්ණයෙන්ම නවතා දමා තිබෙන බවය
සහල් නිෂ්පාදනය කරන මෝල්වලින් ඉතා සූක්ෂම ලෙස වැඩි මිල ගණන් යටතේ සහල් තොග වෙළඳ සැල් වලට නිකුත් කිරීම් සිදු කරන නිසා එම මිල ගණන් යටතේ අලෙවි කිරීමටට නොහැකි නිසා මෙම තීරණය ගෙන ඇති බව ඔවුහු පවසති.
වෙළඳපොළට සහල් මිලදී ගැනීම සඳහා පැමිණ සිටි පාරිභෝගික ජනතාව දැඩි අප්‍රසාදයෙන් යුතුව කියා සිටියේ ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කළ ද මෙතෙක් එවැනි මිල ගණන් යටතේ සහල් තොග තමන්ට වෙළඳසසැලකින් ලබාගැනීමට නොහැකි බවය.
රටෙහි පාලනය කරන පාලනාධිකාරිය වෙනුවට ව්‍යාපාරිකයන් පැමිණෙන වෙළඳපල පාලනය කිරීම සඳහා කරගෙන යන ක්‍රියාවලිය නිසා පාරිභෝගික ජනතාවත් ව්‍යාපාරිකයින් දැඩි අසීරුතාවයකට පත්ව තිබෙන බවද සහල් පාරිභෝගිකයෝ පවසති.
සාමාන්‍ය වෙළඳපොලේ මේ වන විට දේශීය සහල් වල උග්‍ර හිගයක් පවතින බවක් විදේශීය සහල් තොග පමණක් වෙළඳසැල් වල අලෙවි කිරීම සඳහා පවතින බවද එම සහල් තොග ද ඉතාමත් සීමිත ප්‍රමාණයක් පවතින බව වෙළෙන්දෝ පවසති.
දේශීය සහල් ඉතා සීමිත ප්‍රමාණයක් ඇතැම් වෙළඳෙඳ සැල්වල අලෙවි කිරීම් සඳහා තබා තිබුණද එම් සහල් කිලෝවක තොග මිල රුපියල් දෙසිය හැත්තෑවක් බවත් ඔවුහු පවසති.