ඩඩ්ලිගේ අවවාදය අනුර පිළිගනියි - මැතිවරණ රැස්වීම්වල වෙනසක්
මැතිවරණ වේදිකාවල රතිඤ්ඥා, මල්වෙඩි මැතිවරණ රැස්වීවලදී භාවිත කිරිම පිළිබඳව ඇතිවූ ගැටලුවක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත තමන් දුන් අවවාදයක් ඔහු පිළිගත් බව මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේ මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් ඔහු මේ බව හෙළිකරයි.
ඔහුගේ ෆේස්බුක් සටහන
"මීට දෙදිනකට කළින් මට හරි අපූරු තෑග්ගක් ලැබුණා. ඒක දුන්නෙ මගේ නිළ ඡායාරූප ශිල්පියා වන නිලංග විජේසේකර විසින්. එදා, මම ජීවිතේ කොටසක් කරගෙන ආදරේ කරන මගේ හුරතල් බංචිගෙ විශාල ඡායාරූපයක් නිලංග මට ත්‍යාගයක් විදියට ලබා දුන්නා.
ඉකුත්දිනයක මහරගම පැවති දේශපාලන රැළියක දල්වන ලද රතිඤ්ඤා, මල් වෙඩි සහ අහස් කූරු නිසා ඇතිවුණු අධික ශබ්දය හේතුකොටගෙන මගේ නිවසේ ඇතිවුණු බලු පොරයත් එක්ක මේ ජාතියෙම ' කලු කොල්ලා ' මාව දාල ගිය නිසාම, නිලංග දුන්න මේ තෑග්ග මාව ගොඩක් සංවේදී කළා.
කොහොමින් කොහොම හරි එදා මට වුණ දේ කාටවත් ආයෙ නොවෙන්න කියල හිතාගෙන මම ජාතික ජන බළවේගයේ නායක අනුර කුමාරටත් පෞද්ගලිකවම කතා කරලා මේ සම්බන්ධයෙන් යම් අවවාදයක් සහ දැනුවත්කිරීමක් සිදුකළා.
මෙහිදී මගේ ඉල්ලීම එකහෙළාම පිළිගත්ත ඔහු ආයෙ එයාලගෙ මැතිවරණ වේදිකා වල රතිඤ්ඤා සහ මල් වෙඩි නොදමන්නත්, එසේ දැමිය යුතු අවස්ථාවන් වල ඒවා උපරිමයෙන් සීමා කිරීමටත් මා හට පොරොන්දු වුණා.
මොනව වුණත් රටේ ප්‍රධාන ධාරාවක දේශපාලන නායකයෙක් විදියට මේ අසරණ සතුන් ගැන සංවේදී වෙලා මගේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දක්වපු එක ගැන මම ඔහුට ස්තූතිවන්ත වෙන්න ඕන නිසාමයි මේ සටහනට ඒ කොටසත් මම එකතු කරන්නෙ. ඒ නිසා ඉස්සරට එන සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදිවත් මේ ටික සිහියේ තබාගෙන, අසරණ සතුන් වෙනුවෙන් ඒ පුංචි කැපකිරීම කරන්න කියල මම ඔයාල හැමෝගෙන්ම ඉල්ලනවා.
මොනව වුණත් ජීවිතේ දිනන්න ඉන්න ඔයාලට හැමදාම මම මොනව හරි දෙයක් දෙන නිසාම, අදත් පුංචි දෙයකින් මේ සටහන මම නිමා කරන්නම්.
ඔබේ දියුණුව සම්බන්ධයෙන් ඔබ ඉන්නෙ තරමක අවතක්සේරුවක සහ කළකිරීමක කියල හිතනව නම් මෙන්න මේ ටික හොඳින් හිතට ගන්න.
ඔයාලට ජීවිතේ මොනයම් හෝ කාරණාවකට හිත රිදිල තියනව නම්, ඔයාල ජීවිතේ යම් යම් අවස්ථාවන් වල පැරදිලා තියනව නම්, ඔයාලට ගොඩක් අවස්ථාවන් වේදනාකාරීව දැණිල තියනව නම්, ඔයාල ඇතිවෙන්න රැවටිලා තියනව නම් ඒක ජීවිතේ පරාජයක් විදියට දකින්න එපා.
මොකද එතනදි ඇත්තටම වෙලා තියෙන්නෙ දවසින් දවස ඔයාල ඒ ලබපු ජීවිත අත්දැකීම් එක්ක ජීවිතේ පරිණත වීම මිසක්, පරාජය වීම නොවන නිසා. මොකද ජයග්‍රහණය කියන්නෙ මල් ඇතිරූ මාවතක් නෙමෙයි. ඒ නිසා කිසිවිටෙකත් ඔබේ උත්සාහය අත්හරින්න එපා වගේම ඔබේ ඉලක්ක අමතක කරන්නත් එපා. ඔයාල හැමෝටම සුබම සුබ දවසක්.!
popular news
-
AKS Wednesday, 22 February 2023 02:54 PM
අනුර කුමාර එයාගේ රැස්වීම් වල කරන මුදල් විනාශය දැක්කම රට පාලනය කරන හැටි හිතා ගන්න පුලුවන් , දැන් මල් වෙඩි උනාට එදා T 56
Reply : 153 1
Dil Thursday, 23 February 2023 03:06 PM
රැස්වීම් වල කරන්නේ කරන්න අවශ්‍යම දේ. වියදම් කරන්නේ මම ඇයි අවුල්ද? ප්‍රේමදාස උපාලි විජේවරධනව මරවල දේශපාලනේ පටන් ගත්තේ, මහින්ද මුල්කිරිගල අතුරුමැතිවර්ණයයේ මිනිහෙක් මරල පටන් ගත්තේ.
Reply : 0 0
Kawwa Thursday, 23 February 2023 02:26 PM
Adooooo hala gemba Danne nethi dewal katanokara idapiya umba mahindage hariii raniyage gottekda yakoooo wedak balagena kataqahagena hitapan haridaaaa....!!!!!
Reply : 0 0
Kmunasingha Friday, 24 February 2023 06:27 AM
මේ රටේ මිනීමැරුම් සියල්ල කළේ ප්ප්රේමදාසගේ පාතාලයයි.උපාලි විජේවර්ධන ,JR ගේ නංගී දොස්තර ග්ලැඩිස් ජයවර්ධන ,එජාප මහ ලේකම් හා සභාපති (දෙදෙනාම ජේආර් ගේ ඥාතීන් ය),විජය කුමාරතුංග ,ලලිත් ඇතඇතුලත්මුදලි මෙන්ම රට පුරා මිනිසුන් මරා සොත්ති උපාලි එජාප කෘත්ත්යාධිකාරී මණ්ඩලයටත් ඇතුලත් කරන ලදී.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

