පැල්මඩුල්ල පොලිස් වසමේ පාතකඩ ප්‍රදේශයේදී රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ටී 56 වර්ගයේ ජීව පතරොම් 20 ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන රත්නපුර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු වයස අවුරුදු 20 ක් වන පාතකඩ, පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරු දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවෙකුගෙන් අත්අඩංගුවට ගැනීමට පෙර මෙම පතරොම් තොගය ලබාගෙන ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත. රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
ලලිත් චාමින්ද