ටී.ඒන.ඒ. නව නායකයා මහවිරුවන් සමරා වැඩ අරඹයි
දෙමළ ජාතික සන්ධානයේ නව නායකයා ලෙසින් තේරීපත් වූ පාර්ලිමේන්තු මන්ත්රී ඒස්.ශ්රිධරන් මහතා ඊයේ (21) දින සවස කිලිනොච්චිය කනකපුරම් ප්රදේශයේ පිහිටි මහවිරු සුසාන භූමියට පැමිණ යුද්දයෙන් මිය ගිය මහවිරුවන් සිහිපත් කොට ආගමික වතාවත්වල නිරත විය.
පාර්ලිමේන්තු මන්ත්රී ඒස්.ශ්රීධරන් මහතා ත්රීකුනාමලයේ පැවති පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමේදී පැවති ඡන්ද විමසීමේදී දෙමල ජාතික සන්ධාන නව නායකයා ලෙසින් තේරිපත්වීමෙන් අනතුරුව කිලිනොච්චියට පැමිණ පළමුව මහවිරු සුසානභූමියට ගොස් මිය ගිය මහවිරුවන් සැමරීම විහේෂ සිදුවීමක් විය.
අනතුරුව ඒස්.ශ්රීධරන් මහතා කිලිනොච්චිය සිද්දි විනායගර් හින්දු කෝවිලට ගොස් ඒහි පැවති විහේෂ දේව මෙහෙයකට සහභාගී වී දේවාශිර්වාද ලබාගන්නා ලදි.
ඉන් අනතුරුව ප්රදේශවාසී ජනතාව හා පාක්ෂිකයින් විසින් ඒස්.ශ්රීධරන් මහතාට නව නායකත්වය වෙනුවෙන් සභපැතූ අතර ලබන 28 වනදා දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ මහසම්මේලනයේදී ඒස්.ශ්රීධරන් මහතා දෙමළ ජාතික සන්ධානයේ නව නායකයා ලෙසින් ප්රකාශයට පත්කිරීමට නියමිත් බවටද පක්ෂ නියෝජිතයින් පවසා සිටියහ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

