දෙමල ජාතික සංධානයේ මහා ලේකම් ඇතුළු විධායක සභාව තෝරා ගැනීම සදහා ඊයේ (27දා) ත්‍රිකුණාමලයේ පැවැති මධ්‍යම කාරක සභා රැස්වීම් නිලවරණය ඉතා උණුසුම් හා කාල ගෝට්ටි මධ්‍යයේ අවසන්වු අතර පත්වු නිලධාරීන් තමන් පිළි නොගන්නා බව එක් පාර්ශවයක් පවසා කලහකාරි ලෙස හැසිරීම නිසා අද (28) දෙමල ජාතික සංධානයේ නව නායකයන්ගේ සහභාගිත්වයෙන් ත්‍රිකුණාමලයේ පැවැත්විමට නියමිතව තිබු පලමු මහජන රැලිය අත්හිටුවීමට සංධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රි ධරන් මහතා කටයුතු කලේය.
මේ අනුව දෙමල ජාතික සංධානයේ මහා ලේකම් ලෙස සම්මුගම් කුගදාසන් මහතා පත්වු අතර ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සි.වි.කේ.සිවඥනම් මහතාත් භාණ්ඩාගාරික ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.සිවනේසන් මහතාත් පත්වුහ.උප සභාපතිවරැ ලෙස කේ.වි.තවරාසා,චල්ස් නිර්මලනාදන්,කලෙයි අර්සන්,එම් අරියනේන්ද්‍රන්,එස්.සත්‍යලිංගම් යන මහත්වරැ තේරිපත් වුහ.සම ලේකම්වරැ ලෙස එම්.ඒ.සුමන්තිරන්,එස් ශාන්තිනි,ශ්‍රි ස්කන්ධ රාජා,රංජනි කනකරාජා,කේ.සරවනබවන්, රාසමානික්‍යන් ශානක්කියන්,එම්.සිව මෝහන් යන මහත්ම මහත්මින් තේරිපත් වුහ.
මෙම නිළවරණය සදහා මධ්‍යම කාරක සභා සාමාජික සාමාජිකාවන්ට පමණක් නිළවරණය පැවැති ශාලාවට ඇතුල්විමට අවසර හිමිවු අතර පාර්ලිමේන්තු මන්ත්රීවරැන්ගේ ආරක්ෂකයන් මාධ්‍යවේදීන් ඇතුළු කිසිවෙකුටත් එහි ඇතුල්විමට අවසර හිමි නොවුහ.
ත්‍රිකුණාමලය චමෝද්‍යා