කොළඹ - කුරුණෑගල මාර්ගයේ අලව්ව, වලකුඹුරේදී ටිපර් රථයක් හා ත්රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් ත්රි රෝද රථයේ ගමන් කළ මවක හා පුතෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
මෙම අනතුරින් ත්රි රෝද රථයේ ගමන් කළ පියා හා තවත් පුතෙක් වැඩිදුර ප්රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ දිවුලපිටියේ පදිංචි අවුරුදු 42ක් වන මව හා අවුරුදු 18ක් වන පුතාය. ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.