කොළඹ මහනුවර මහා මාර්ගයේ පස්යාල මුරුතවල වංගුවේදී යතුරු පැදියක් ටිපර් රියක ගැටීමෙන් බරපතල තුවාල ලත් පොලිස් කොස්තාපල්වරයකු වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.
අද 24 සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ කොටහේන පොලිසියට අනුයුත්කව සේවය කළ වරකාපොල මාහේන පදිංචිකරුවකු බව කියන එස්.එම්. රුක්මාල් 33 නැමැත්තෙකි.
මහනුවර දෙසට ගමන් කළ ටිපර් රථය වෙනත් වාහනයකට ඉස්සර කරන අවස්තාවේදී ඉදිරියෙන් පැමිනි යතුරු පැදිය එහි ගැටී පොලිස් කොස්තාපල්වරයා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. ප්රෙද්ශවාසීන්ගේ මැදිහත්වීමෙන් ටිපර් රථයේ රියදුරා විසින් තුවාලකරු රෝහල් ගත කර ඇතැයිද රෝහල් ගත කිරීමේදී මරණයට පත්ව ඇතැයිද පොලිසිය සදහන් කරයි.
මරණ පරීක්ෂණය අද 24 සවස පැවැත්වීමට නියමිතව තිබිනි. නිට්ටඹුව පොලිසියේ රථවාහන අංශය පරීක්ෂණ පවත්වයි.
පුෂ්පකුමාර මල්ලවආරච්චි
