අතුරුගිරිය දෙස සිට පාදුක්ක දෙසට ගමන් කළ ටිපර් රථයක මග හරස් කොට එහි රියදුරුට පහරදුන් සැකකරුවන් සිවු දෙනෙකු ඔවුන් පහරදීමට පැමිණි යතුරු පැදි දෙකද සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඊයේ සවස මෙම පහරදීම සිදුව ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19 හා 20 යන වයස්වල පසුවන්නන් වෙයි.
ප්‍රසිද්ධ ස්ථානයක කලහකාරී ලෙස හැසිරීම, අයුතු අවහිර කර ටිපර් රථ රියදුරුට පහරදීම යන චෝදනා යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිිරීමට නියමිතය.