අම්පාර පොලිස් වසමේ ට්රැක්ටර් හන්දිය අසලදී ඊයේ දින රාත්රී බුද්ධංගල දෙස සිට හොල්මන්ගල දෙසට ධාවනය වූ ටිපර් රථයක් බාලිකා වට රවුම දෙස සිට අම්පාර මහ රෝහල දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ ත්රීරෝද රථයේ රියැදුරු එම ස්ථානයේදීම මියගොස් ඇත.
ත්රීරෝද රථයේ පිටුපස ගමන් කල තවත් පුද්ගලයින් තිදෙනෙකු අම්පාර රෝහලට ඇතුලත් කර ප්රථිකාර ලබමින් සිටියදී එක් පුද්ගලයෙකු මියගොස් ඇත. මරණකරුවන් අවුරුදු 23 හා 24 වයස්වල පසුවන දඩයන්තලාව හා නවගම්පුර ප්රදේශවල පදිංචිකරුවන් වේ
අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අම්පාර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.