ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
ටික්ටොක් සමාජ මාධ්‍ය මගින් හඳුනා ගත් පාසල් සිසුවියක් කන්තලේ ඊච්චලම්පත්තු වෙරළ තීරය වෙත රැගෙන ගොස් සමූහ දූෂණයට ලක් කළ පාසල් සිසුවකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ඊච්චලම්පත්තු පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන සිසුවෙකු සහ ඔහුගේ මිතුරන් තිදෙනකු බව පොලිසිය සඳහන් කරයි.
සැකකාර සිසුවා ඉහත සිසුවිය ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා හඳුනාගෙන ඇය සමඟ කතා කිරීම සඳහා යැයි පවසමින් සැකකාර සිසුවා ලංකා පටුන විහාරස්ථානයට පිටුපස වෙරළ තීරයට ගෙන්වා ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
එහිදී සිසුවා සහ සිසුවිය කතා කරමින් සිටින අතරතුර සිසුවාගේ මිතුරන් තිදෙනා ද පැමිණ ඇති බවත්, පසුව ඔවුන් සිසුවිය කැලෑ බද ප්‍රදේශයකට රැගෙන ගොස් ඇයට ලිංගික අතවර සිදු කළ බවට සිසුවිය ඊච්චලම්පත්තු පොලිසියට පැමිණිලි කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී හෙළි කර ගත් තොරතුරු මත සැකකාර සිසුවා සහ ඔහුගේ මිතුරන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඊච්චලම්පත්තු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

