සාමකාමීව විරෝධතා දක්වන ලෙසත් පොදු හෝ පෞද්ගලික දේපළ විනාශ නොකරන ලෙසත් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
"අපි ත්‍රිවිධ හමුදාව අනිවාර්යයෙන්ම රටේ ජනතාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනවා. ඔබ මේ අවස්ථාවේදී බුද්ධිමත්ව හිතලා මේ අවස්ථාවේදී සංසුන්ව කටයුතු කරන්න. රටක් වශයෙන් අපි මේ අවස්ථාවේදී ඉදිරියට යා යුතුව තිබෙනවා.
ගිනිතියලා, ගහගෙන මරාගෙන මේ අවස්ථාවේදී අපිට මේ දේ කරන්න විදිහක් නෑ. වෙච්ච සිදුවීම මේ වන විට සිදුවෙලා අවසන්. ත්‍රිවිධ හමුදාවක් වශයෙන් මින් ඉදිරියට රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ටිකක් සන්සුන්ව මේ අවස්ථාවේදී කටයුතු කරන්න.
රාජ්‍ය දේපළවලට හෝ පෞද්ගික දේපලවලට කරන්න යන හානිකිරීම් කිසිවක් කරන්න එපා. මානුෂිකත්වයට මුල් තැන දෙන්න. ප්‍රචණ්ඩත්වයෙන් මිදී විරෝධතා කරන්න. කළහකාරී ලෙස හැසිරෙන්න එපා"