ට්‍රිලියන දෙකක ආදායමක් ඉපයූ හැටි දේශීය ආදායම් කෙමසාරිස් කියයි
දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ ලබාගත් වැඩිම ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ ආදායමක් ලබාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකිවූ බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය පවසයි.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය මේ බව පැවසුවේ අද (24) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
මෙරට ආර්ථිකය පසුබෑමකට ලක්ව තිබී වර්තමානයේ ආර්ථිකය ගොඩනැගෙමින් තිබෙන අවස්ථාවක මෙම වර්ෂය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගිය වසරට සාපේක්ෂව වඩා වැඩි ආදායම් ඉලක්කයක් ලබාදී තිබූ බව පැවසුවාය.
මෙම රුපියල් බිලියන 2195ක ආදායම් ඉලක්කය ළඟා කරගැනීම සදහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩසටහන් සහිතව ක්‍රියාත්මක වූ බවද සදහන් කළාය. මෙම අවස්ථාව වන විට සම්පූර්ණ වශයෙන්ම රුපියල් බිලියන 2080ක ආදායමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලබාගෙන ඇතැයිද පැවසුවාය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලනය ක්‍රමවත් කිරීම සහ බදු අනුකූලතාවය වැඩිදියුණු කිරීම යන විෂය සම්බන්ධයෙන් විශේෂ වැඩසටහන් පවත්වා ගනිමින් මෙම ආදායම් ඉලක්කය සදහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ළඟා වුණු බවද සදහන් කළාය.
බදු අනුකූලතාවය ඉහළ නැංවීමේදී මෙම වසර තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලියාපදිංචි බදු ගෙවන්නන් සංඛ්‍යාව වැඩි කරගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකියාවක් ලැබුණු බවද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

