උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පීලි අලුත්වැඩියා කිරිම සදහා දුම්රිය පීලි රැගෙන ගිය දොඹකරය සහිත ට්රැක් මෝටර් රථයේ එන්ජිම අවස්ථා දෙකකදී පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය 4කට පසු යලි යථා ත්තවයට පත් විය.
එම දුම්රියේ එන්ජිම පළමුව (05) දින හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර 105 ½ සැතපුම් කණුව අසළ පීලි පැනීමෙන් පසු එම එන්ජිම පීලි ගත කර හැටන් දක්වා ධාවනය කරවන අවස්ථායේ යලිත් එම දුම්රියේ එන්ජිම හැටන් දුම්රිය ස්ථානය අසළදී පීලි පැනීමට ලක් විය.
පසුව එම එන්ජිමද යලිත් පීලි ගත කිරිමෙන් පසු (05) දින පස්වරු 2:00ට උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යලි යථා තත්වයට පත් විය.
දොඹකරය සහිත ට්රැක් මෝටර් රථ එන්ජිම පීලි පැනීම හේතුවෙන් ඔඩිසි, උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියන් වල ගමන් ගත් මගීන් දැඩි ලෙස පීඩාවට පත් වී සිටියහ.

