ට්රම්ප්ගේ යෝජනාවලිය නෙතන්යාහු ප්රතික්ෂේප කරයි
හමාස් සංවිධානය "සැබෑ ලෙසම" නිරායුධ කරන තෙක් කිසිදු හමුදා ඉවත් කිරීමක් සිදු නොවන ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවැසීය.
ඒ අනුව ගාසා තීරය සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඉදිරිපත් කළ කරුණු 15කින් යුත් සැලැස්ම ප්රතික්ෂේප කරන
බවද නෙතන්යාහු පැවැසීය.
ගාසා තීරයේ ක්රියාත්මක හමාස් සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් "සම්පූර්ණයෙන්ම නිරායුධ කිරීම" සඳහා එකඟතාවකට පැමිණි බව ට්රම්ප්ගේ සාම මණ්ඩලය පසුගිය මාසයේදී ප්රකාශ කළේය.
එහෙත්, තම බර අවි භාර දීම රඳා පවතින්නේ ඊශ්රායලය විසින් "සියලු ආකාරයේ ආක්රමණ" නතර කිරීම සහ ගාසා තීරයෙන් තම හමුදා ඉවත් කර ගැනීම මත බව හමාස් සංවිධානය පැවසීය.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ගාසා තීරයේ මූලික සටන් විරාමයකට එකඟ වීමෙන් පසුවද ඊශ්රායලය දිගින් දිගටම එම ප්රදේශයට ප්රහාර එල්ල කරමින් සිටී.
"ඊශ්රායලය මෙම කරුණු 15කින් යුත් ලේඛනය ප්රතික්ෂේප කරනවා," යැයි නෙතන්යාහු ඉරිදා පැවති කැබිනට් රැස්වීමකදී ප්රකාශ කළේය.
"හමාස් සංවිධානය සැබෑ ලෙසම නිරායුධ කරන තෙක් ඊශ්රායල හමුදාව කිසිදු ඉවත් වීමක් සිදු නොකරන අතර, අපගේ හමුදාවන්ට සහ පුරවැසියන්ට එරෙහි තර්ජන මැඩපැවැත්වීම දිගටම සිදු කරනු ඇත," යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.
එම ගිවිසුම සම්බන්ධයෙන් තම කැපවීම "නැවත තහවුරු කරන" බවත්, කරුණු 15කින් යුත් සැලැස්ම ක්රියාත්මක කිරීම සඳහා "බැරෑරුම් ලෙස සහ වගකීමෙන් යුතුව කටයුතු කිරීමට" සූදානම් බවත් හමාස් නිලධාරියෙකු ඉරිදා බීබීසී (BBC) පුවත් සේවයට පැවසීය.
"එකඟ වූ කරුණු සියලු පාර්ශ්වයන් විසින් පිළිපදින බව" තහවුරු කරන ලෙස ඔවුහු මැදිහත්කරුවන්ගෙන් ඉල්ලා සිටියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

