නීතිවිරෝධී ලෙස ට්‍රක් රථ තුල රුමේනියාව හරහා හංගේරියාවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක්‍රමණිකයන් පිරිසක් රුමේනියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
බංගලාදේශය, එරිත්‍රියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාවේ සංක්‍රමණිකයන් 27 දෙනකු ඇරඩ් නගරයේ දේශ සීමා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉන් එක් ට්‍රක් රථයක් පරීක්ෂා කිරිමේදී එරිත්‍රියානු සහ බංග්ලාදේශ ජාතිකයින් 16 දෙනෙකු සොයාගෙන ඇති අතර , අනෙක් ට්‍රක් රථය පරීක්ෂා කිරීමේදී එහි ශ්‍රී ලාංකිකයින් සහ පාකිස්තාන ජාතිකයින් 11 දෙනෙකු සිට ඇති බවද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.