තංගල්ල රන්න නගරයේ ටයර් වෙලඳසැලක් කඩා බස් ටයර් සොරකම් කරන ලද ප්රධාන සැකකරු හා සොරකම් කරන ලද ටයර් ප්රවාහනය කල කුඩා ලොරි රථය සමඟ එහි රියදුරුද තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිළධාරින් මගින් අද (31දා) අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් (28දා) අළුයම් කාලයේ දී ටයර් වෙළඳසැල කඩා මෙම සොරකම සිදු කර තිබේ. ටයර් වෙළඳසැලේ සී.සී .ටි වී දර්ශන මගින් සොරකම් කරන ලද ටයර් ප්රවාහනය කරන ලද කුඩා ලොරි රථය හඳුුනාගැනීමෙන් පසුව එහි රියදුරු හා එම රථය තංගල්ල වල්ගම් එළිය ප්රදේශයේ දී අත් අඩංගුවට ගත් අතර පසුව සිදු කරන පරීක්ෂන වලින් පසු ටයර් වෙළඳසැලේ මීට කලින් සේවය කරන ලද පුද්ගලයෙක් ටයර් සොරකම සිදු කර ඇති අතර ඔහු තංගල්ල නගරයේ දී අද (31දා) අත් අඩංගුවට ගත් බව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීහු පවසති.
සොරකම් කරන ලද ටයර් 7 ක් මාතර නාදුගල ප්රදේශයේ සහ තංගල්ල ගලගම ප්රදේශයේ බස් හිමි කරුවන් දෙදෙනෙකුට අලවි කර තිබිය දී පොලිස් බාරයට ගත් බවද පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ කුඩා ලොරි රථයද බස් ටයර් ද ඉදිරි පරීක්ෂණ සඳහා හුංගම පොලිස් ස්ථානය වෙත බාරදීමට පියවර ගෙන තිබේ.


