කෝප් කමිටු සභාපතිවරයා ලෙස මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත්වන බවට තමන් පෙරේදා කළ අනාවැකිය යථාර්ථයක් වී ඇති බව විමල් වීමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදි පැවැසීය.
“පෙරේදා කෝප් කාරක සභාව පිළිබඳව යෝජනාවක් පාර්ලිමේන්තුවේ ඇතිවුණා. ඒ වෙලාවේ මම කිව්වා ආණ්ඩුවේ ඉදලා විපක්ෂයට ආපු කිසිම කෙනෙක්ට ඒකේ නියේාජනයක් දීලා නෑ ඒකේ දීලා තියෙන්නේ මොල හතානෝගේ ගෝලයන්ට විතරයි කියලි.
ඒ වගේම මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සභාපතිකරන්න ප්ලෑන් එකක් තමයි තියෙන්නේ කියලා. මම පෙරේදා කරපු අනාවැකිය හරියටම හරි අද ඒකේ ඡන්ද විමසලා මහාචාර්ය රංජිත් බණ්ඩාර වැඩි ඡන්දයෙන් පත්වෙලා තියෙනවා. ඒ කියන්නේ තාමත් අර කපුටු කාක්ගේ න්‍යාය පත්‍රය අනුව තමයි මේ කාරක සභා පත්වෙන්නේ.”