අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව මත නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එම තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.
අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ ආචාර්ය පාක්‍යසෝතී සරවනමුත්තු මහතා ගොනු කරතිබූ පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ජනාධි මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් නම් කර ඇත.
මෙම මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා” සෝභිත රාජකරුණා සහ සම්පත් අබේකෝන් යන යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කෙරිණී.
පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයන් ඉදිරිපත් කළ කරුණු සහ දෙපාර්ශවයේ වාචික දේශන අවසන් කිරීමෙන් පසු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තැබිණි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට අභියාචනාධිකරණය බරපතළ වැඩ සහිත වසර 19 ක සිර දඬුවම් නියම කර එම දඬුවම වසර හයක කාලයකින් ගෙවි යන අන්දමින් ක්‍රියාත්මක කිරීමට නියම කළ බවත් එම දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද තහවුරු වු බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ එසේ තිබියදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව අත්තනෝමතික ආකාරයෙන් ඥානසාර හිමියන් ජනාධිපති සමාව මත නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවද චෝදනා කරති.
හිටපු ජනාධිපතිවරයාගේ මෙම අතනෝමතික ක්‍රියා කලාපය තුළින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ ඥානසාර හිමියන් නිදහස් කරමින් දුන් සමාව බල රහිත බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා සිටිති.