බන්ධනාගාර ගත කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ලබාදිම සම්බන්ධයෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතා හා තෛනිකායික මහා නායක හිමිවරුන් නියෝජනය කරන හිමිවරුන් අතර අද පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ලබාදිම සම්බන්ධයෙන් සිය කනගාටුව හා විමතිය පළ කරමින් තෛනිකායික මහා නායක හිමිපාණන්වහන්සේලා ඊයේ දිනයේදි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වෙත ලිපියක් යොමුකර තිබුණි.
එම ලිපිය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව අද පස්වරු 1ට ජනපති ලේකම් කාර්යාලයේදි පැවැත්වීමට නියමිතය.