මුලතිව් ගුරුකන්ද විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජොත්සවය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් නියෝගයක් නොසළකා හරිමින් උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පැවැත්වීම හරහා අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ඥානාසාර හිමියන් හා තවත් තිදෙනෙකුට අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින නියෝග නිකුත් කළේය.
ඒ අනුව එළැඹෙන 8 දා ඥානසාර හිමියන් හා අනෙක් තිදෙනාට අධිකරණයේ පෙනී සිටින ලෙස සඳහන් කළේය.